වත්මන් ආණ්ඩුව අනවශ්‍ය විදියට රටේ සියලු කටයුතු වලට ඇඟිලි ගහනවා. රාජ්‍ය පුද්ගලික සියලුම වගේ අංශ වලට එක දිගටම මේ යන විදියේ බලපෑම් එල්ල උනොත් ආසියාවේ ආශ්චර්යම තමයි. අසාධාරණ බදු ප්‍රතිපත්ති, ආයතනවලට අයතා ලෙස සේවකයන් බඳවාගැනීම් ඉන් කිහිපයක්. නාමල් බේබි තමයි දැන් ගේම් එකේ ලොකු රෝල් එකක් ප්ලේ කරන්නේ.

ඊයේ පෙරේදා කියලා තිබුනා එක්තරා රටක ශ්‍රී ලාංකික සේවකයන් සඳහා ගෙවන වැටුප වැඩියි, ඊට අඩු වැටුපට තව කට්ටිය වැඩිපුර එවන්න පුලුවන් කියලා.. හෙට අනිද්දට ගන්න පඩියෙන් කොටසක් ආන්ඩුවට ඕන කියලා කිව්වොත් පුදුම වෙන්න එපා.

ප්‍රාදේශීය සභාවල ලොක්කන් වැඩිහරියක් ඉන්නේ බන්ධනාගාරවල. වැඩිපුරම ඉන්නේ කාන්තා හිංසනය හේතුවෙන් අතඩංගුවට ගනිපු උන්.

කොසොල් රජ්ජුරුවෝ දැකපු හීන ඔක්කොම කෙටි කාලෙකින් සැබෑ කරපු එකම රාජ්‍ය නායකයාගේ රටේ පුරවැසියෙක් වීමම කොච්චර ආඩම්බරයක්ද...

අරින්නෙපා මහ රජෝ, තව කන්න දේවල් ගොඩක් තියෙනවා මේ රටේ..

Comments

Popular posts from this blog

Father's Day 2021