Thursday, October 18, 2012

තනිකමින් හමදාම
මම උන්නේ කාමරේ
ලඟකදි ඉඳන් දැල් බැඳන්
මකුලුවෙක් කෙලවරේ

ඊයේ වෙනකන්ම
ඌ හිටියා පාඩුවේ
අද මෙන්න පැටලිලා
තව එකෙක් උගේ දැලේ

තනිකඩව හිටි වෙලේ
ඌ හිටියා මං වගේ
ඌත් දැන් හිනාවෙන්නේ
මට කින්ඩියට වගේ

ඇයි යකෝ බොටත් දැන්
මුල අමතකයි වගේ
දැන ගනින් උඹ ඉන්නේ
තවම මගේ කාමරේ

කේන්තියෙ නිසා මන්
කිව්වේ සැරයෙන් වගේ
දැල දමා උන් ගිහින්
බලනකොට අද උදේ

මට පුරුදු තනිකමේ
ආයේ තනි උනා වගේ
ගිය තැනක සතුටින් ඉඳින්
මගෙ මකුලු යාලුවේ..

No comments:

Post a Comment