හිතට නිවනක්
නැති උනොත් මම
ඔහේ කවියක්
ලියනවා

ලියන්නට කවි
වදන් නැති විට
පරණ ගොනුවෙත්
සොයනවා

සොයාගත් කවි
එකින් එක ගෙන
වැරෙන් පොලවේ
ගසනවා

එවන් විටකදි
මගේ හිතටත්
ලොකුම අඩුවක්
දැනෙනවා

ඉතින් ආයෙම
වරක් ඔබ ලඟ
තුරුලු වෙන්නට
හිතෙනවා

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021