Wednesday, August 6, 2014

මගේ කියා තිබු
එකම වස්තුව
මට හොරෙන් කවුරුද අරන්...

දරාගන්නට බැරිව මේ දුක
මැරුනොතින් මම වෙඩි තියන්..

වෙඩි වැදී
කුඩු වෙච්ච හදවතේ
ලොකුම කොටසක් නුඹ අරන්...

තබා ගනුමැන
නුඹ සන්තකයෙම
ලෝකයෙන් හැම වසන් කරන්...

කෙදිනකදි හෝ
අප පැතු පුතුන් සමගින්
මහ එලි තැන්නේ නුඹ ගොසින්...

රැගෙන යනු මැන මගේ හදවත
ලෝකාන්තය දකිනකන්...

තුරුලුවෙන්නට බලාසිටි මම
එතන ඉන්නවා මග බලන්..

ගෙනා හදවත මහා හෙල වෙත
විසි කරනු දුක ගුලි කරන්..

යලිත් දවසක හමුවෙන්න අප
පෙරුමන් පුරමු රත්තරන්...

බැන වැදුනහොත්
කිසිවකුන් හෝ
සමා වුව මැන රත්තරන්...

නුඹට බැඳි පෙම එහෙමමයි තව
ආදරෙයි මගෙ රත්තරන්

No comments:

Post a Comment