__හිතට දැනුනු ඔබේ ආදරේ.

ඔයාව
මම අඳුනගෙන
බොහොම ටික
කාලයයි...

ආදරෙයි
කිය කිය එවපු
එස් එම් එස් ගනන
සියයකට වැඩියි...

දවසකට
පැය කීයක්
කතා කලාද...

ගන්න සොච්චමෙන්
කීයක් නම්
ඔයාට වියදම් කලාද......
..
..
දැන් ඒ බර වෙන එකෙක් අදිනවා....
..
..
මගේ අම්මව
මම
ඉපදුන දවසේ ඉඳන්
දන්නවා...

ඒත්
එයා ආදරේ ගැන
එස් එම් එස්
එවන්නේ නෑ...

පැය ගනන්
පෝන් එකෙන්
කතා කරන්නේ නෑ...

මගේ
පඩිය ගැන
අහන්නේවත් නෑ....

ඒත්
එයාගෙ ආදරේ
වෙනදටත්
වැඩියෙන්
මට දැනෙනවා...__kaZza~"~

Comments

Popular posts from this blog

Father's Day 2021