එකම සිහිනයක්

මටද නුඹ එකම සිහිනයක්
නුඹ කොතෙක් සායම් කලත්
සැමදිනම එක ලෙස දුටුවත්
නැහැ නොවෙද එහි කිසිම පාටක්

ඔව් ඉතින් නුඹ තවත් තරුවක්
නොවුනේ ඇයිද සඳවතක්
අහසෙහි ඇත තරු කෝටියක්
සොයනු කෙලෙසක වෙනස් තරුවක්

නුඹ නමින් පිදුවෙමි මලක්
එමල පමනක් රැඳි පුදසුනක්
කාටවත් එය නොපෙනුනත්
සුවඳ වූ නුඹ දනී තවමත්

ගතින් දුර ඈතක ගියත්
සිත අමතක විය මටත්
දුටුවෙහිද එය නුඹ වත්
අවසර ඇතිද ඉන්නට තවත්...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...