ටිකෙන් ටික
අපි ගිහින්
හුඟක් දුර...

විටෙන් විට
හමුවුනත්
ගල් පර...

ටිකෙන් ටික
ඈත් වන බව
මා මගහැර...

දැනුනේ මට
හුඟක්
ඉස්සර...

බිව්වත් බෙහෙත්
හොරෙන්
උගුරට...

කටට දැනෙනා
තිත්ත රසත්
අමතක කර...

හිනැහුනා අපි
අපේ සිත්වලටම
හොරකර...

එදා ආදරේ
මේකයැයි
කී ඔබම

අද කියනවා
ඒක නෙමෙයි
මේක බව...

මම තාම හොයනවා
හරියටම
කෝකද වග...

වැටහුනොත් කියනවද
කාටත් හොරෙන්
මට..

ආදරේ
මොනවගේද
කියන වග...

Comments

Popular posts from this blog

Father's Day 2021