ලොකෙ රවුම් නම් ඇයි අපිව හැලෙන්නෙ නැත්තේ...
මුහුදේ වතුර ඇයි හැලෙන්නේ නැත්තේ...
රෑට තියෙන තරූ දවල්ට මොකද නැත්තේ...
සමහර දවසට හඳේ කෑලි අඩු ඇයි...
රේඩියෝ එකේ රූප පේන්නේ නැත්තේ ඇයි...

මම තාත්තගෙන් අහපු දාහක් ගොන් ප්‍රශ්න අතරින් කීපයක් ඒ..

තාත්තටත් නොපෙනෙන කොයිතරම් නම් දේවල්, මාව කරේ තියන් මට පෙන්නලා ඇත්ද..
කොච්චර බඩගිණි තිබ්බත්, මම කන්න ආස දේවල් අරන්දීලා, මං කන දිහා බලන් ඉඳලා සතුටුවෙලා ඇත්ද..

තාත්තටත් යන්න බැරි උන් කොච්චරක් නම් තැන් වල මාව යවලා ඇත්ද...

ඒකාලේ මට කියලා දීපු ජාතියේ මිනිස්සු මම දැක්කේ එදා විතරයි තාත්තේ..

ලෝකේ කැරකෙනවා තමයි.. ඒත් ඇයි අපිත් කැරකෙන්නේ..

Comments

Popular posts from this blog

Father's Day 2021