ආදරණීය සැමී

අපේ ගමේ ඉස්සර හිටියා පොඩි පවුලක්, අම්මයි, තාත්තයි, පුතයි.
පුතාට තිබුනා සනීප කරන්න අමාරු ලෙඩ කිහියපක්, මීමැස්මොරය, අත් දෙකත් කොරවෙලා වගේ, ඇවිදින්නෙත් පොඩ්ඩක් වෙනස් විදියකට.

ඉතින් ඒකාලේ පොඩි උන්ගේ හොඳ බයිට් එකක් විදියට තමයි මේ පොඩි එකා හැදුනේ වැඩුනේ. ඒ කොහොම උනත් ඒ අම්මටයි තාත්තටයි තමන්ගේ පුතාව රත්තරං.

තාත්තවයි අම්මයි තියාගෙන බයිසිකල් එක පැද්දේ පුලුවන්කමකට නෙමෙයි. ඒ වයසේ ළමයින්ට බයිසිකලයක් තල්ලු කරගෙනවත් යන්න බැරි වයසකදි මේ දරුවා බර දාගෙන බයිසිකලේ වී ටික කොටාගෙන එන්නත් ගියා.

ඊට පස්සේ සමහර කාලවලදිත් මම පාරෙදි දැකලා තියෙනවා. කුඹුරු වැඩ පවා කරනවා.. අදරත් කොහේ හරි හොඳින් ඉන්නවා ඇති..

අද සැමීගේ කතාව අහන්න දකින්න ගිය වෙලාවේ, ඒකේ තිබ්බ දසුන් හරහා මම අර මුලින් කිව්ව දරුවා ලඟට මගේ හිත ගියා. දුක, සතුට ප්‍රකාශ කරන විදිය සුපිරි.. සැමීගේ කතාව ඒ තරම් සිත් ඇදගන්නාසුලුයි සහ, චරිතය ඒ තරමටම සාර්තකයි.

අපේ ජීවිතේ නොයෙකුත් අවස්තාවල තවත් ඕන තරම් සැමීලා මුණගැහිලා ඇති. ඔබ මොහොතකට සැමීට ඇහුම්කන් දුන්නොත්, ඔබ එවන් මිනිසුන්ට දක්වපු ප්‍රතිචාර ගැන ඔබ දුක්වනවා නොඅනුමානයි...

මට දැනුන විදියට සැමී අපිව ජීවිතේ අමුතුම පැත්තකට අපේ හිත අරගෙන යනවා. මුහුණෙන් ප්‍රකාශකරන හැඟීම්. පුදුම විදියට තාත්විකයි..

කතාව අහලා පැය ගානක් ගියත්, මට තාමත් බැරිවුනා සැමීගේ කතාවට සමුදෙන්න. කතාවේ අතරමැද මම තාමත් අතරමන් වෙලා වගේ මට දැනෙනවා..

ජගත් චමිල, උඹ ඒ තරම් දක්ශයි අයියේ... උඹට ජය

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...