වැලිකන්දේ සෆාරිය ආංක 1

පහුගිය විසිහය වැනිදා දින තුනක විනෝද චාරිකාවක් සඳහා කාර්යාලයේ මිතුරන් සමග යාමට ඔවුන් සියලු කටයුතු සූධානම් කොට තිබුනත් අවසාන මොහොත වන තෙක්ම මාගේ සාහභාගීත්වය තිබුනේ වැට උඩය. උදේ පාන්දරම සගයන්ගේ දුරකතන ඇමතුම් වලින් අඩුවක් නොවූ හෙයින් අතට අසු වූ අඳුම් කිහිපයක් ගමන් මල්ලක ඔබාගෙන ගමන යන්නට සූදානම් උනෙමි. අන්තිම මොහොත දක්වා ගෙදරට නොදන්වා සිටීම බරපතල වැඩ ඇතිව දඬුවම් ලැබිය යුතු වරදකි. හොඳ වෙලාවට ගෙදර සිටියේ අම්මා පමණකි. වෙනදා නොවැඳි වැඳුම් කර කෙසේ හෝ අවසර ලබාගෙන ගෙදරින් පැන ගතිමි. ලාබ බඩු වල හිල් තිබීම සාමාන්‍ය දෙයකි ඒත් සිදු වූයේ නිකන් ලැබුන බෑග් එකේ පටිය ගෙදරින් එලියට බැසීමටත් පෙර කැඩීමය. ආපසු හැරෙන්නට වෙලා නොතිබුනු හෙයින් කෙසේ හෝ කුදලාගෙන ඔෆීසියට ගොඩ වැදුනෙමි.

*මෙතනට අදාල නොවන හෙයි කතාවේ මැද කොටස මග හරිමි...

දින දෙකක් මහියංගනය ප්‍රදේශයේ නොයෙකුත් තැන් වල සිරි නරඹමින් කාලය ගත කලෙමු.. තුන් වෙනි දින උදේ පාන්දරම පොල් ගෙඩි සයිස් වතුර වැටෙන වරුසාවකි.. හදිසි කටයුත්තක් සඳහා දෙසා පොලොන්නරු ප්‍රදේශයේ සැරිසරන බව ආරංචි වූයේ පෙරදින රාත්‍රියේදීය.. දුරකතනය අතට ගෙන සිග්නල් සොයා දැවන්ත මෙහෙයුමක් කල මට ඉතා කුඩා ආවරන කලාපයක් සොයාගත හැකි විය.. දෙසාගෙ දුරකතනයට ඇමතුමක් ගත් මම වෙනදා වගේම,

මම: අඩෝ කලවැද්දා මොකෝ වෙන්නේ..?

දෙසා: පොලොන්නරුවේ ඉන්නේ ඕයි... වහිනවා ඉවරයක් නෑ... තෝ කොහේද ඉන්නේ...?

මම: මහියංගනේ පැත්තේ... මෙහේටත් එම... නැති වෙන්න වහිනවා.

දෙසා: අප්පට්ටසිරි එහෙමද, ඒක නෙමෙයි නිලා ට්‍රින්කෝ යන කතාවක් කිව්වා ඕකවත් සෙට් කරගෙන යමුද කොහේ හරි

මම: මේ වැස්සේ...? ඕකා කිඹුල්ලු බලන්න ගිහින් ඇති, ගංවතුර ආධාර අරගෙන..

දෙසා: ඉඳහන් මම ඌට කෝල් එකක් දාලා බලන්නම්

මම: එල....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...