__සත්කාරයට කෙටි වදනක්.

කොළඹ හතේ
ලොකු ගෙවල් වල
පොහොර කකා හැදෙන,
ඉංගිරිසි නම් වලින් හඳුන්වන
සුපිරි මල් ගස්
වගේම, ඒවා හිටි ගමන්
අපිට හම්බෙනවා
ගම්මාන වල
කලෑවල් ඇතුලේ තිබිලා...
හැබැයි ඒවාට පොහොර, වතුර දානේ නෑ
කවුරුත්...
ඉබේටම හැදෙනවා
බොහොම දුප්පත් විදියට...
නියන් කාල වලදි
යන්තම් තමයි පණ ගැටගහගන්නේ...
ඉතින් අපේ මේ වෑයම
එවන් මල් පැල කිහිපයකට
අපිට හැකි අයුරින් වතුර ටිකක්,
පොහොර ටිකක්
ගෙනිහින් දාන්නයි....
හෙට දිනයේ සුපිපෙන මලින්
ගම රට සුවඳවත් වෙයි...
හටගන්නා ගෙඩි වලින්
රටට සේවයක් වෙයි...
අපේ වෑයමේ සාර්ථකත්වය
අපිට දකින්නට නොලැබුනත්
වතුරින් පොහොරින් පණ ගහලා නැගිටින පැල දැකලා
අපිට සතුටුවෙන්න පුළුවන්
අනාගත කාලෙදි ලොකු සේවයක් කරයි
කියන බලාපොරොත්තුව උඩ අපි
අපේ සත්කාරයට කරගහමු...
ඔබ අප කාගේත් ගඩොලින්, බදාමෙන් ඉදිවන
රූ පවුලට උනුසුම් සුභපැතුම්...
ජයෙන් ජය

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...