Monday, November 5, 2012

සොහොන හන්දිය - 1

අපේ ගෙදරට යන පාර තිබුනේ ගමේ සොහොන් පිටිය ලඟින්, ඇත්තම කිව්වොත් ශොර්ට්ම කට් එක තිබ්බේ සොහොන් පිටිය මැදින්.. හවස හයෙන් පස්සේ ඕක මැද්දෙන් ගියොත් ඉතින් ඩෝප් කාරයෙක්, නැත්නම් සතෙක් සිව්පාවෙක්, නැත්නම් ලොකු හදිස්සියකට දුවන හිත හයිය එකෙක්..
කාලෙක ඉඳන් රාත්‍රී කාලෙ එක එක දේවල් ඔතන උනා කියලා කට කතා තියෙනවා... ඇවිදින මලමිණී එහෙම දැකපු උදවියත් හිටියා, වැඩේ කියන්නේ බය වෙන එකා එතනම සිහි නැති වෙලා වැටෙනවා.. ඊට පස්සේ ඌට සිහිය ගත්තේ අහල ගම් හතේම නම් දරා සිටි මණි කට්ටාඬියා කියන ගුරුන්නන්සේ..
ගාල්ලේ කරණ්දෙනිය අවට කරක් ගහපු කෙනෙක් ඉන්නවා නම් උන්දෑ ගැන අහලා ඇහි... ඉතින් සිහිය ආවට පස්සේ ඌට උන් හිටි තැන් මතක නෑ. ඉතින් කොහෙද වෙච්චි දෙයක් දැනගන්නේ..
ඒලෙවල් කරන කාලේ ගෙදරට හොරා වල බහින එක සාමාන්‍ය දෙයක්, ඉතින් ඔහොම කොහේ හරි ගුබ්බෑයමක රින්ගුවාට පස්සේ රෑ වෙන්න කලින් ගෙදර යනවා බොරු.. අන්තිම බින්දුව දක්වාම සටන් කරලා තමයි එන්න වෙන්නේ..
කට්ටියම ෆුට් බයිසිකලෙන් තමයි ගමන.. හෙල්මට් ඕනේ නෑ, ලයිසන් ඕනේ නෑ, වැඩිපුර මගීන් පටවන් ගියා කියලා දඩ ගහන්නේ නෑ...
ඔය කොහේ යන අතරවාරෙ පැච් එකක්, චේන් එක කැඩීමක් වගේ අබැද්දියක් උනොත් තමයි අවුල..
ඉතින් ඔහොම පත වලක බැහැපු දවසක මල් බඩියවත් දාගෙන මම ගෙදර එන්න පිටත් උනා.. මල් බඩියා බහින්නේ හරියටම සොහොන හන්දියෙන්.. ඌ එතනින් පහල පාරේ ටිකක් දුර පයින් යනවා.. යාලු ෆිට් එකට කියලා ඌව ගෙදරටම ඇරලවන ජාතියේ එකෙක් නෙමෙයි මම. එහෙම කරන එක හරි නැහැනේ..
පිටත් උන වෙලේ ඉඳන් දෙන්නා තරඟෙට නයි ඇර ඇර තමයි ආවේ..
පාරෙත් හරියට වන්ගු, වලවල්, වෙනදා වගේ නෙමෙයි...
ඔය කලින් කිව්ව සොහොන හන්දියට කලින් තිබ්බා ලොකු කන්දක්.. බාගේ අල්ලුවේ නැත්නම් තනියම පාගන්න අමාරුයි..

තනියම පාගලා බැරිම තැන මම බඩියාගෙන් ඇහුවා,

බඩියෝ මේ, තෝව දාගෙන මට කන්දු අදින්න බෑ.. තෝ බාගේ අල්ලනවද නැත්නම් බැහැලා පයින් යනවද..

බඩියා: දෙවනි ඔප්ශන් එක හොඳයි නේද..

මම: නොදකින්, තෝත් මටම හරියන එකා බොල, යම එහෙනම්, හැබැයි උඹ බාගයක් දුර පුටාර් එක තල්ලු කරන් යන්නඕනේ..

බඩියා: හරි හරි යම හු*** මට අද හොඳටම බඩු, ගෙදරට යන්න කලින් බස්සගන්නත් ඕනේ.. ගිය සතියෙත් අම්මට මාට්ටු වෙන්න ගිහින් යන්තම් වන්ගුවක් දාලා බේරුනා..

දවසේ සිදුවුන එක එක ඉස්පෙශල් දේවල් කතා කර කර අපි දෙන්නා කන්ද නැගගෙන ආවා... මගදි බඩියාට බයිසිකලේ දෙන්න අමතක කලේ නෑ.. අපි එහෙමයි..

මම: බඩියෝ අද දවසේ කෑල්ල කව්ද බන්... මන් හිතන්නේ ටෙශාහි..

බඩියා: පිස්සුඩ ඕයි ඒ වගේද අස්පරා...

මම: අස්පරා නෙමෙයි ඕයි අප්සරා.. තොට බඩුද...

බඩියා: හරි ඕයි මොක හරි, ඒක තමයි ඕයි අද සුපිරියටම බැහැලා හිටියේ..

අපේ සෙට් එක අතර තිබුනා එක එක ආතල් වැඩ, ඔයින් එකක් තමයි දවසේ කෑල්ල තේරීම...

දැන් තම්යි කතාවේ හොඳම හරියට සෙට් වෙන්නේ..

කන්ද උඩින් බයික් එකට නැගලා, නිව්ටල් එකේ ආවා පල්ලම දිගේ... පාරේ වලවල් හාරලා තියෙන්නේ හරියට පොල් පැල හිටවන්න වගේ.. අපරාදේ කියන්න බෑ එකක් නෑරම බයික් එක දාන්න තරම් මගේ ඩ්‍රයිවින් හොඳයි...

සොහොන හන්දිය ලඟින් මම බඩියාව හැලුවා,

මේ ටික පයින් පල, බලපිය තොගේ බඩත් ඇවිල්ලා.. ඕක බහින්නත් එක්ක පයින් යන එක හොඳයි..

බඩියා: පල පල නරියා.. මේ පරිස්සමෙන් පල, මේ වෙලාවට මෝහිනී එහෙමත් ඇති උඹත් එක්ක බයික් එකේ රව්මක් යන්න බලාගෙන...

මම: හරි හරි මම ඒක බලාගන්නම් උඹ පරිස්සමෙන් පලයන්කො, එහෙනම් හෙට උදේ මෙතනදිම සෙට් වෙමු.. ජය..

බඩියා: ජය

පහක් එහෙම දාල, පොඩි හග් එකක් එහෙම දීලා බඩියා යන්න පිටත් උනා.

ඌ අන්තිමට කිව්ව කතාව ගනන් නොගත්තා වගේ හිටියට, මට ඒක නොදැනුනාම නෙමෙයි..

මම ටිකක් ඉඳලා කල්පනාකලේ, සොහොන මැද්දෙන් ගියොත් ලඟයි, අනිත් පාරෙන් යනවට වඩා... සයිමා උන්දෑ නම් දැන් සුදු ඒවාගෙන් දෙකක් දාගෙන හොඳහැටි බුදි ඇති...

සයිම කිව්වේ සොහොන් පිටිය බලාකියාගෙන, වලක් කපාගෙන, ඒ හම්බෙන මුදලින් ගමේ ඉස්පෙශල් ශොට් එකක් දාගෙන උන්න මනුස්සයෙක්..

ඕන මගුලක් කියලා මම සොහොන මැද්දෙන් යන්න පිටත් උනා, වෙරි බහින්නත් එක්ක මම පුටාර් එක තල්ලු කරන් තමයි ගියේ...

No comments:

Post a Comment