අගක් මුල නැති කතාවක්

වෙලාවා පාන්දර හතරයි තිහයි..
කෝච්චිය නැවැත්තුවා නානුඔය ඉස්ටේසමේ..
මං ආපු කෝච්චිය මාවත් පහු කරන් ගියා
මීදුමේම නොපෙනී
හූවක් කියාගෙන
වේදිකාවේ දෙපැත්ත බැලුවේ කවුරුත් ඉන්නවාද බලන්න
ඒත් පේන මානේ කිසි කෙනෙක් නෑ..
සීතලේ ගුලි වෙලා නිදන බලු කුක්කෙක් ඇරුනාම
පට්ටම සීතලයි
මට දැනුනේ හරියට ෆ්‍රිජ් එකක් ඇතුලේ ඉන්නවා වගෙයි..
ටිකක් දුර වේදිකාව දිගේ ඇවිදන් යද්දි
මට හම්බුනා වතුර කරාමයක්
ඒකෙන් එන්නෙත් කූල් වතුර...
ටිකක් එහායින් පෙනෙන්න තිබුනා
මහතුන්ගේ විවේක කාමරය කියලා
පොඩි බෝඩ් එකක් ගහපු කාමරයකට ඇතුල් වෙන දොරටුවක්...
ඔය දොරටුව අයිනේම වැටිලා තියෙනවා දැක්ක
යන්තම් පන අදින, නිවීගෙන යන සිගරට් කොටයක්...
ඒ කියන්නේ මම තනි නෑ...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...