අගක් මුල නැති කතාවක් - 2

සිගරට් බොන එක මහ නරක පුරුද්දක්
පිලිකා හැදෙනවලු ඕයි..
ගුලිවෙලා නිදියන ඌට
කෑ ගහලා කියන්න හිතුනා මට
ඒත් වැඩක් නෑ...
ඌට ඒක හැදුනා කියලා අමුතුවෙන් මොනවා වෙන්නද
අඩු ගානේ ඒ ගැන කියලා කීයක් හරි හොයාගන්නවත් පුලුවන්
ඔය මීදුම කියන එක...
ආහ් මීදුම ගලන වෙලාවට තමයි
එයා ආවෙ
උනු උනු කෝපි එකක් අරන්
එයා ඇඳලා හිටියේ දිගම දිග ගව්මක්
මම බය උනා ඒක පෑගිලා වටෙයි කියලත්...
ආහ් ඔය ගව්ම අරන් තිබ්බේ ඉරිදා පොලෙන්
ඔය පොලට තමයි ගමේ කවුරුත් බඩු ගන්න ආවේ
පොල තිබ්බ තැනට පොඩ්ඩක් එහායින් තිබුනා ලොකු තාප්පයක්
ඕකේ ලොකුවට ගහලා තිබුනා
මෙහි මුත්‍රා කිරීම තහනම් කියලා
ඒක මට පේන්නෙම හරියට
මෙහි මුත්‍රා කරපන් කියන්න වගේ..
මෙන්න ඒකම ගහලා ඉස්ටේශමෙත්
මෙච්චර හොඳ වැසිකිලියක් තියෙද්දි
අයි මේ මිනිස්සු ඒකෙ බිත්තියටම ඕක කරන්නේ...
ආයෙත් මම ආවා අර කාමරේ දොර ලඟට
ආවේ පොඩි කෙඳිරියක් විතරයි..
ඒ කියන්නේ ඌ තාමත් පන පිටින්...

Comments

Popular posts from this blog

Father's Day 2021