__අඳුරේ ලොව දකිනා නුඹ වෙනුවෙන්

මුලින්ම මම දුටුවේ නුඹ වර්ශ දෙසහස් අටේ
කොල්ලු පිටිය හන්දියේ රැකියාවට ආ දිනේ
දෑස අහිමි නුඹ සිටියේ කොට්ටන් ගහ හෙවනේ
අද හවසත් මම දුටුවා නුඹේ රුව කලු අම්මේ

උදේ ඉඳන් රෑ වෙනතුරු ගහ මුල නුඹ රැක්කේ
බඩ ගින්දර නිවාගන්න නුඹේ හා නුඹේ පුතුගේ
දෑස නැතත් අම්මේ නුඹේ වෙර වීරිය අගේ
අනෙකුන් මෙන් නුඹේ පුතාද අකුරට නුඹ යැව්වේ

වසර ගනන් ගෙවී ගියත් නුඹ තාමත් ගහ සෙවනේ
වෙනදා වගේම කාගෙත් පිහිටෙන් දිවියම රැකුනේ
දින ගෙවිලා ගොස් නුඹේ පුතු හපනෙකු වෙයි අම්මේ
එදිනට වත් නුඹේ ඔය බර සැහැල්ලුවෙද අම්මේ..

*කවදා හරි දවසක කොල්ලුපිටිය හන්දියට ගියොත්, බැන්කුව ඉස්සරහා, පාරෙන් අනිත් පැත්තේ තියෙන කොට්ටඹ ගහ යට ඉන්න මේ ඇස් නොපෙනෙන වයසක අම්ම නුඹගේ නෙතටත් අසු වේවි...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021