Monday, November 5, 2012

වියපත් වූ පසු

දැරිය නොහැකි බර ඇද්දෙමි දිවිය පුරාවට
හෙටක් ගැන අදහසක් නැත අද නින්දට යන මට
කොතරම් ගැරහුම් ලැබුනත් සමාජයෙන් මට
කිසි තරහක් නම් නෑ නුඹලා ගැන මට

වියපත් වෙලා මා සිටිනා ඉසව්වේ
ගොදුරක් සොයා දවසම සැරිසැරුවේ
බඩගින්නත් වදයක් ලෙස මට සිතුනේ
දෙවියන් වුවද නොබලති වියපත් අප දේසේ

අඹු දරුවන් රැක්කෙමි මම දිවි පුරාවට
ඇති හැකි ලෙසින් සෙත සැදුවෙමි ලක් මවට
මම සිටවූ පැල උස ගොස් අහස උසට
ගෙඩියක් කඩන් කන්නට වාරුව නැත මෙමට

No comments:

Post a Comment