අගක් මුල නැති කතාවක් - 3

ක.. කව්ද ඔය..
අහුනේ හීන් කෙඳිරියයි
ලොකු කැස්සකුයි එක්ක...
අද එලිවෙනකන් ඉන්න වෙන්නෙ මට මූත් එක්ක
තමුසෙට ක්ශය රෝගෙද ඕයි..
අහන්න හිතුනට ඇහුවේ නෑ..
මේක මුගේ ගම
නාකිවෙලා හිටියට මොකද
මුගේ බැල්ම එච්චර හරි නෑ..
ඒ උනාට මමත් පොඩ්ඩක් සැරෙන් වගේ ඉන්න ඕනේ..
මේ මම...
මම එහෙම කිව්වට ඌට ඒක ඇහුනෙත් නෑ
හීනෙන් වගේ දොඩවනවා
හීනෙන් දොඩවන එක මහ වදයක් ඕයි...
අපේ ගෑනි දවසක් මට ඕක කිව්ව
හීනෙන්වත් නිදහසේ කතා කරන්න ඉඩක් නැති හැටි..
ඔය නිදහස කියන එක හම්බුනේ සෑහෙන කාලෙකට උඩදිලු
හම්බුනා කිව්වට ඕක කොහේ හන්ගලා තියෙනවාද මන්දා..
හැන්ගි මුත්තන් කෙලියේ අපි පොඩි කාලේ
මට මතකයි ඒ කාලේ අපේ ගමේ එවුන් එක්ක
හරි හරියට විසේ කොලා
දැන් කාලේ උන්ට ඕවට වෙලාවක් නෑ...
අර වෙලාවල් බලන උන්දැත් ඊයේ පෙරේදා මියදුනානේ
උන්දෑගේ පුතා තමයි දැන් වැඩේ කොරන්නේ...
ඕකා මහ බොරු කාරයා...
ලොකු මේසයක් තියෙද්දි අර යකා
පොඩි බන්කුවක ගුලි වෙලා බුදි...
එලියේ බන්කුවක් තියෙද්දි බල්ලා ගුලි වෙලා
බිම බුදි...
හ්ම්ම්... ඕන් එහෙනම් මමත් බුදි..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...