විල්ලුව දිගේ මම
ඇවිද සෙව්වෙමි
නුඹ කොහේදෝ
හැන්ගුනේ

උන්නු තැන නුඹේ
සලකුනක්වත්
ඉතිරි කරනම්
නෑ අනේ..

කූඩුවත් නෑ
ගසත් නෑ අද
පළාතම පාලුයි
පණේ

යන්න හැකිනම්
පියඹලා මට
නුඹ සොයා එමි
මගේ ප්‍රියේ

සිහි සුන් වෙලා
මම
තවම සොයනෙමි
මගේ පණ කොහිදෝ අනේ

කිව්ව දේ මම
අහුවනම් නුඹ
අදත් ඇත මගේ
කූඩුවේ

නුඹ නොමැති ලොව
තනි වෙලා කිම
මමත් මිය යමි
ගං දියේ

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...