Friday, November 2, 2012

වැලිකන්දේ සෆාරිය ආංක 2

දෙසාගෙන් ඇමතුමක් එනතුරු මද වේලාවක් බලාසිටි මම, සිග්නල් ආවරන කලාපයේම දුරකතනය තබා, වැව පැත්තට ගියෙමි. වේලාව උදේ හයයි තිහ පමණ ඇතැයි අනුමාණ කරමි. වැස්ස නිසා වැවේ වතුර මට්ටමටම මීදුම බා තිබුනි. මෙවන් අවස්ථාවක වැවකට බසින්නට තරම් මා පිං කොට තිබුනි. වහා කැමරාව මානා පැනෝරමා දෙක තුනක් ගත් මම, වැව අවට තිබූ ගස් වල, මල් වල පින්තූර කිහිපයක් ලබා ගතිමි.. ඉර දෙවියෝ නම් වඩින්න තියා ඒ ගැන අදහසක් වත් නැති පාටය.. මම එතැන පැය එක හමාරක් වත් ගත කරන්නට ඇත... නැවතත් රාත්‍රී නවාතැන් ගත් නවාතැන්පොල වෙත අකමැත්තෙන් වුවද පිය මැන්නෙමි.. බොහෝ දෙනෙකු සූදානම්ව බස් රථයට ගමන් මලු රැගෙන එමින් සිටියහ... කොහේද මල්ලි ගියේ අන්න උඹේ පෝන් එක කෑගහනවා... මිස් කෝල් බරගනනකි... එස් එම් එස් දෙක තුනක්ද විය... "කෝ යකෝ තෝ... නිලා තාම මග, යනගමන්ලු... " ඒ දෙසාගෙනි..
දෙසාට ඇමතුමක් ගෙන සීන් එක හරිහැටි දැනගතිමි.. ට්‍රින්කෝ යනගමන් සිටි නිලාව පොලොන්නරුවට ගෙන්වා ගැනීමට දෙසා සමත් වී ඇත... පොඩ්ඩක් හිටු තව පාරක් කල්පනා කර බැලිය යුතුය..

ආයෙත් මම සෙට් උනේ වැටක් උඩටය... මුන් එක්ක දුන්හිඳ යනවාද, උන් එක්ක පොලොන්නරු යනවාද... උන් දෙන්නාගේ අදහස වූයේ වැලිකන්දේ ජීවා බලන්නට යාමය... ගමන ගැන නම් මෙලෝ අදහසක් මට නැත.. කොටින්ම මම දැන් ඉන්නේ ලංකාවේ කොයි හරියේද කියාවත් මට අදහසක් නැත... ගීපීඑස් තිබුනට සිග්නල් කියන එව්වා ගන්න කඩයක් වත් නැත..

අප්පටසිරි වැස්ස නිසා දුන්හිඳ ගමන කැන්සල් වී ඇත.. සියලුදෙනාගේ කැමැත්ත වූයේ නිවෙස් බලා යාමය...

මුන් එක්ක ගෙදර යන්නට ගියහොත් බොංගෝඅ ගසා මගේ අත් දෙකම පලීම සිකුරුය... මුන් දෙන්නාගේ ඇඬියාවත්... නොගියහොත් ජීවාගෙන් මට අත්වෙන ඉරණමත් සිතූ මම පොලොන්නරු යාමට තීරණය කලෙමි.. මගේ අදහස වූයේ එහේ ගිහින් අද රාත්ත්‍රියේම ගම රට බලා යාමයි...

වැස්සේම මහියංගනය වැඳගත්තේ මහත් වූ ආඩම්බරයකිනි, මන්දයත් මම දැන් බුදුන් පහස ලත් සියලුම සිද්දස්තාන වැඳගත් පොරකි...

මහිනයංගන, බුත්තල, අනුරාධපුර ශාකා වල වැඩ කරන උන් කිහිප දෙනෙකුත් සමග මහියංගන හන්දියෙන් බැස ගත්තේ අනෙකුත් සියලුදෙනාගෙන්ම සමුගනිමිනි... ඒ අවස්තාව තරමක් දුක්කදායක විය...

මිතුරන්ගේ උපදෙස් පරිදි කදුරුවෙල බසයකට ගොඩ උනෙමි... ජීවාගේ අදහස වූයේ මම මනම්පිටිය හන්දියෙන් බැසිය යුතු බවයි.. ඒක මොන පාටද කියාවත් එකෙක්වත් දන්නේ නැත.. අනිත් ගස් ගෙම්බෝ දෙන්නාම වැලිකන්දේ යාමට පිටත් වී ඇත... එකට කන්න සෙට් වෙන්න කලින්ම බොක්ක වෙනස් වීම ගැන මට ඇත්තේ කේන්තියකි...
දැන් මම ඉන්නේ ලොකු මෙහෙයුමකය...

කස්සා වැලිකන්ද සොයාගත් හැටි... ඊලඟට

No comments:

Post a Comment