ඥරස්..... ඌහ්..
...
ඇයි යකෝ..

තාත්තාගෙන්
වෙලෙනුත්
බේරිලා..

වේලපු
වෙලාවෙත්
බේරිලා..

හුලන් කරපු
වෙලාවෙත්
බේරිලා...

කොටන්න ගෙනියපු
මෝලෙනුත්
බේරිලා..

ගරපු
අම්මාගෙනුත්
බේරිලා..

මුට්ටියෙන්
මගේ පිඟානටම
බෙදිලා...

උඹ ආවානේ ඉතින්
මගේ දතටම
කෙලින්න...

අම්මේ....

මේන්...

බාගෙට තැම්බුන
ගල් කැටයක්.... :(

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021