Valantine

මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ,
මේ වගේ දවස් වලට, (වැලන්ටයින් දවසට ) උදේ පාන්දරම මීටිම තියෙනවා,

එතකොට ඉස්කෝලේ ඉන්න ඔක්කොම ළමයි ටික එක තැනකට එකතු වෙන නිසා, පන්තිවල කවුරුත් නෑ..

ගුරුවරු සෙට් එකක් එක්ක එකතු වෙලා පන්තිවලට පැනලා ළමයින්ගේ බෑග් අවුස්සනවා වැලන්ටයින් තෑගි හොයන්න..

ඔහොම හොයාගන්න ඒවා එකතු කරලා ලොකු පෝර බෑග් මලු දෙක තුනක දාගෙන අරන් එනවා මීටිම තියෙන තැනට..

පිනා කරන්නේ ඒවා එලියට ඇදලා ළමයින්ට පෙන්නලා ආතල් ටෝක්ස් ටිකක් දීලා පොඩි සොමියක් ගන්නවා..

එතකොට අර එකතු කරපු චොකලට්, රෝස මල්, තෑගි වලට මොකද වෙන්නේ.... ?

ඒවාට ඉතින් ස්ටාෆ් එකේ කට්ටිය වග කියනවා...

අදත් ඉස්කෝලේ ඔහොම දෙයක් උනේ නැත්නම් ඉතින් ලෝක පුදුමයක්..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...