විදු මවුණි දයාබර...

නුඹේ සෙවනින් මිදී
සය වසක් ගත වුවද...
තවමන් නුඹේ සෙනෙහස
නොඅඩුව දැනේ මට...
නුඹ අසලින් මා යනෙන විට
ඉවත බලාගනු කෙලෙස...
නුඹ තුරුලේ එකට උන් මිතුරු කැල
අද විහිදිලා ඇත සැම අත,
උන් උන්ගේ ලෝකවල...
අපි ආගිය තැන් වල
අළුත් මුහුණු අද ඇත...
නුඹත් සුපුරුදු ලෙස
උන්ගේ නැණ වඩනු ඇත...
පිදුමට අවසරයි නුඹේ දෙපා
සුපුරුදු ලෙස...
තවමත් ආදරෙයි මම
විදු මවුණි දයාබර...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021