Sunday, June 17, 2012

__මගේ ලෝකේ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ.

මං ඉපදුන දවසේ
එලියේ බංකුව උඩ නොඉවසිල්ලෙන් ඉඳගෙන
ඔයත් අඬන්න ඇති,
මං අඬන සද්දේ ඇහිලා,
ලෝකෙටම ඇහෙන්න සතුටෙන් කෑගහන්න ඇති,
ඒ දවස මට නැතත්
ඔයාල දෙන්නටම මතක ඇති...
එතනිනුයි කතාව පටන් ගන්නේ...
එතනිනුයි මම ජීවිතයේ මුල් අඩිය තියන්නේ...
දිව රෑ නොබලා දැරූ මහන්සියේ ප්‍රථිඵල ගෙදර ගේන්න ඇති,
මොනවත් නොදන්න ගානට මමත් ඒ හැමදෙයක්ම විඳගන්න ඇති...
හැමදාමත් මගේ ලෝකේ හැඩකරන්න,
සියල්ල අවංක හදවතින් කැප කල නුඹගේ තතු කියන්නට,
ගුණ ගයන්නට මා සතු වචන ප්‍රමාණවත් නැත....
තවත් බොහෝ කල් මගේ ලෝකයේ රජ කරන්නට ශක්තිය දහිර්යය ලැබේවා..

No comments:

Post a Comment