තාරේ සමීන් පර්

මට මතකයි මම ප්‍රාථමික පන්තිවල ඉගෙනගන්න කාලේ, වෙනම ලමයින් කොට්ටාශයක් හිටියා අකුරු බැරි අය කියලා වෙන් කරලා. ඒ සෙට් එකම පන්තියෙන් කොන් කරලා වගේ හිටියේ. උගන්නන ගුරුවරු පවා උන්ව ගනන් ගන්නේ නෑ. කොච්චර කියලා දුන්නත් අකුරු ලියන්න කියන්න බෑ.. ගුරුවරු උගන්වන්න උත්සාහ නොකලාම නෙමෙයි.. ඒ ලමයින්ට ගුරුවරු තේරුම් ගන්න බැරි කමද, නැත්තන් ගුරුවරුන්ට ඒ ළමයින්ව තේරුම් ගන්න බැරි කමද, පහ වසරට යනකනුත් සිංහල හෝඩියේ අකුරු බෑ කියන්නේ ලොකු ප්‍රශ්නයක්, වගකීව යුත්තෝ කවුරුන් වුවත් මේ ළමයින්ගේ අනාගතේට මොකද වෙන්නේ. කවුරුත් නෑ ඒ ගැන කතාවක්.. මට මතක විදියට ඒ ළමයින්ගේ බොහොම පිරිසක් ඉස්කොලේ ගමන අතෑරියා. සමහරක් අය සෑමාන්‍ය පෙල විභාගෙටත් මුහුණ දුන්නා..

"තාරේ සමීන් පර්" ගුරුවරයෙක් හා ළමයෙක් අතර ගෙතුන ලස්සන කතාවක්, බොහෝ දෙනෙක් මේක නරබලා ඇති. ඉගෙනගන්න බෑ කියලා කවුරුත් කොන් කරලා ඉඳපු ළමයෙක්ව ලඟින් ආශ්‍රය කරලා. තේරුම් අරගෙන ඔහුටම ගැලපෙන ඉගෙනීම් රටාවකට හුරුකරවන සාර්ථක උත්සාහයක යෙදෙන ගුරුවරයෙක්. සැබෑ ජීවිතයේදී නම් කවදාවත්ම දැකලා නෑ.. හැබැයි අදටත් මේ වගේ ළැමයින් ඕනෙ තරම් ඉන්නවා. එයාලගේ අනාගතේ කොහොම විසඳෙයිද..? ජීවිත කතාව කොහොම ලියවෙයිද...?

Comments

  1. ඔහු පෙලෙන්නේ ඩිස්ලෙක්ෂියා නම් රෝගී තත්වයෙන්. මේ බව කතාව හොඳින් නැරඹුවොත් වැටහෙයි. මේ ඩිස්ලෙක්ෂියා තත්වය ගුරුවරයාගේ මග පෙන්වීම යටතේ යථා තත්වයට ගන්න පුළුවන්. ගුරුවරයාට අවබෝධයක් නැත්නම් උපදේශනය කරන කෙනෙක්ගේ මගින් මග පෙන්වන්න පුළුවන්. කතාව නැවත බලන්න.එවිට ඔහුගේ ගැටළු වැටහෙයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Father's Day 2021