__ඔබ හා මෙමා

පැතුම් මල් එකිනෙක
පරිස්සමෙන් නෙලාගෙන
දෙසිත් එක්කොට තැනූ නූලේ
යස අගේට ඇමිනෙන මල් මාලය
දෝතින් ගෙන
පළඳවන්නට නුඹේ ගෙලේ...
බලා හිඳිමි මම
එන තුරා නුඹ
අපිට නුපුරුදු මාවතේ
කෙලවරක
බංකුවක් මතට වී...

ඉතින්,
මුමුණන්නට අවසරයි
නුඹේ කනට කර..
නුඹ වෙනුවෙන්ම ලියවුනු,
මගේ කවිය..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...