මට ආසයි,
පොලිස් කාරයෙක්ගේ
තුවක්කුව උදුරගෙන
දුවන්න...
ගමේ එවුන්
ඉස්සරහා
අහසට දෙකක් තියලා
පොරවෙන්න...
එතකොට,
මටත් ඉන්න පුලුවනි

වෙඩි ගුණේ වගේ..
කුඩු නිහාල් වගේ..
ඉන්න..
පච්චෙකුත්
කොටාගන්න ඕනේ...
එතකොට මටත්
ප්‍රසිද්ද වෙන්න පුළුවන්...

ඒත්
අමාරුම වැඩේ
තුවක්කුවක් උස්සන එක නෙමෙයි...
පත්තුවෙන තුවක්කුවක් අතේ තියෙන
පොලිස් කාරයෙක් සොයාගන්න එක...:(

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021