__හීනියට හාර්ඩ් ටෝක් එකක්

අරමුණු විවිධ උනත්
අවසානය එකයි...
හැබැයි අපි කාගෙවත් ලඟ අවසානය ගැන අරමුණක්, දැක්මක් නෑ...
ඒක කොයි වෙලාවේ, කොතන, මොන විදියට වෙනවද කියන්න අපි කවුරුත්ම දන්නේ නෑ...
ඒත් කවදා හරි අපි යන්නේ එතනටයි...
යන දවසට ගෙනියන්න කෙසේ වෙතත් ඉන්න ටිකේ ජීවිතේ ගැට ගහගන්නත් පුදුම ගේමක් දෙන්න ඕනේ...
ජීවිතේ අපි කාටත් අභියෝගයක් වෙලා...
ඒක එන්න එන්නම දරුණු වෙනවා...
වගකිව යුත්තෝ හොයලවත්, උන්ට ගහලා බැනලාවත් වැඩක් නෑ...
කොහොමින් හරි ජීවිතේ ගැටගහගන්න අපි දැනගන්න ඕනේ...
වැඩේ හිතන තරම් ලේසි නෑ...
හැබැයි ඒ හැටි අමාරුවකුත් නෑ...
ලිඳේ වැටුන මිනිහ ලින් කටින්ම ගොඩ එන්න ඕනෙ කියලා, කම්මලි කමට ගෙම්බෝ වගේ ඒක ඇතුලටම වෙලා හිටියේ ඉස්සර...
දැන් පොඩ්ඩක් වෙනස්, මොලේ ඇති එකා ලින් කටින් බැරිනම්, වෙන ක්‍රමේකින් හරි ගොඩට එනවා...
මට මතකයි මම සාමාන්‍ය පෙල කරලා, ප්‍රතිඵල එහෙම නිකුත් වෙලා, ඉස්කෝලෙට ගියා, උසස් පෙළට අයදුම්පත් බාර දෙන්න...
අමාරුම වැඩේ උනේ, උසස් පෙළ කරන්නේ මොනවගෙන්ද කියලා තෝරගන්න එක...
ගණිත අංශයෙන් බෑ වගේ, ගණන් හදන්න එපයි...
විද්යෑ අංශෙනුත් බෑ වගේ, ගණන් මදිවට ගෙම්බො කපන්නත් තියෙනවා කියලා ආරන්චියක් ආවා..
කලා අංශයෙක් කරන එක පොඩ්ඩක් නෝන්ඩි වගෙයි..
වෙන කරන්න දෙයක් නැතිම තැන වාණිජ අංශය තෝරගත්ත ඕන්...
අපරාදෙ කියන්න බෑ වාණිජ අංශේ තමයි හොඳම සෙට් එක ඉන්නේ... අපි නැති වලි ඉස්කෝලෙ නැති ගානයි...
අනිත් එවුන්ට හරියට වැඩ ඉතින්, ගෙම්බො කපනවා, ගණන් හදනවා, පාඩම් කරනවා... ලොවෙත් නැති වැඩ.... ලොකුම වල තිබ්බේ අපේ පන්තිය එහා පැත්තේ, එක එක ජාතියේ ක්‍රීඩා තරඟ පැවැත්වෙනවා... බූරුව ගහනවා, කාසි ගහන්වා, වියත් දානවා... වැඩ ගොඩයි... හිටපු ගමන් ඉතින් පොලිcඉයෙනුත් පනිනවා... හාමුදුරුවොන්ට අහු වෙනවට වඩා හොඬයි එල්ලුම් ගස් යන එක... අපේ කට්ටිය කිව්වේ එහෙමයි... ඒ අස්සේ මනමාලකමත් තියෙනවා පොඩ්ඩක් විතර... අමාරුම වැඩේ තමයි ඕන් කෙල්ලගෙන් අහන එක... ඉස්කෝලෙ ඉඳපු ලොකුම මැරයත් ඔය වැඩේටනම් බයයි... ඒ කාලේ ඉතින් ෆෝන් එහෙම තිබ්බේ නැහැනේ.. පන්තියටම ලියුම් ලිව්වේ පොඩි සනා, අනිත් එවුන්ගෙ අකුරු ඉතින් කියවගන්න පුළුවන් එකක්යැ.. මං හිතන්නේ පාසල් ජීවිතේ හොඳම කාලේ තමයි උසස්පෙළ ජීවිතේ... ඒ ගනිපු ආතල් ආයේ කවදා ගන්නද.... මොන ආතල් ගත්තත් විබාගේ කිට්ටු උනාම කොයි එකත් පාඩම් කරනවා, දන්න දේ හැම එකා එක්කම බෙදා හදා ගන්නව... විභාග පේපර් එකත් එහෙම තමයි ඉතින්... අපි නම් කියන්නේ ඒකට සහෝදරකම.... කොපි කරනවා කියන එක කොච්චර වැරදි කතාවක්ද... කියන්න නම් තව ගොඩක් දේවල් තියෙනවා, ඒත් කම්මලියි කොටන්න...
හදිස්සියේම මෙහම එකක් කොටාගෙන යන්න හිතුනේ අළුතෙන් උසස්පෙළ කරන්න යන එවුන්ව මතක් වෙලා, ගන්න ආතල් අද හෙටම ගනිල්ලා, හැබැයි පුතෝ විභාගෙත් කොර ගනිල්ලා... අපි නොහිතන ගොඩක් දේවල් ඔය සහතිකේට කොරන්න පුළුවන්... එහෙනම් කාටත් ජය... සුභ ගමන්..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...