__අවුරුද්ද

මට අද වගේම මතකයි
මම පොඩි කාලේ මග බලන් උන්නා
අවුරුදු කුමාරයා එනකන් නෙමෙයි
තාත්තා අවුරුදු අරන් එනකන්..
අපිට හැමදාමත් අවුරුදු ගෙනාපු තාත්තා,
අවුරුද්දට අළුත් ඇඳුමක් ඇන්ඳ බවක් මට මතක නෑ...
අද,
තාත්තා මග බලන් ඉන්නවා...
අවුරුදු ගේනකන් නෙමෙයි,
මම ගෙදර එනකන්....
ඒත්,
එදා තාත්තා නොවිඳි අවුරුද්ද
අද මට දෙන්න පුළුවන් නම්....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...