__විරහවේ ගිණිදැල්

එදා අප ඇවිද ගිය
වැලි පාර මත රැඳුන
දුහුවිල්ල වසාගත්
පිය සටහන් එමට ඇත

පා සටහන් නැතත්
මතක සටහන් අතර
අදත් ගොළු උනා මම
අහිමි නුඹ නෙත් අබියස

විඩාබර මගේ නෙතු
සැරසුනත් සුපුරුදු කඳුලකට
ලොවෙන් සඟවාගන්නට
යෙදිමි මම අසාර්ථක උත්සාහයක

කාලය රැගෙන ගියත්
අප මතකයන් බොහෝ දුර
බුර බුරා නැගෙනු ඇත
විරහවේ ගිණිදැල් එමට

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...