ඔෆිසියේ තේ හදන්නේ වයසක කෙනෙකි..
ඔහු ලඟට එනවිට මගේ තාත්තාගේ රුව මැවුනී..
ඔහුට දාව උපන් දරුවන් පස් දෙනෙක් වෙතී..
තවමත් ඔහු බඩ වියත වෙනුවෙන් වැඩ කරතී..

දරුවන් වෙනුවෙන් මුලු ජීවිතය පුදා..
සතුටු කඳුලු හෙලයි උන් මහතුන් වනදා..
ඇයි දරුවනේ මුල අමතක රජ උනදා...
උඹලගේ පියා තවමත් වැඩ වගෙයි පෙරදා..

උඩ සිටිනා දිවියන් මේවා දිටිය යුතුය..
මෙවන් එවුන් දඬු කඳේවත් ගැසිය යුතුය..
කිසිවිටෙකත් මුල අමතක නොකල යුතුය...
මුල අමතක එකා රජ වූවත් කම් නැතිය..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...