වැසි වනාන්තර වගේද
කොන්ක්‍රීට් වනාන්දර

ඉස්සර එහෙමත් ගෙදරක තමයි ෆෑන් එකක්වත් තිබ්බේ, දුප්පත්කමටත් වඩා කාටවත් එහෙම අවශ්‍යතාවයක් දැනුනේ නෑ.
සමහර සීලින් ෆෑන් වල මකුනු දැල් පවා බැඳිලා තිබුනා. අහස දිහා බලාගෙන හූල්ලන්න උනේ නෑ, කලට වැහි වැටුනා.

දැන් අවුරුද්දට කොහා අඬන්නේ නැත්තේ ඇයි. ඌට අවුරුදු අමතක වෙලාද, නෑ දේශගුනේ වෙනස්වෙලා.. ඉස්සර වගේ ගොවිතැන් සරුවෙන්නෙ නෑ දැන්.

රෑට වෙනසකට කියලා තියෙන්නේ ඉර පායන්නේ නැති එක විතරයි. දවල් කාලෙට තියෙන රස්නේ ඒ විදියටම රෑටත් තියෙනවා.. ඔක්කොම කැලෑ ටික අම්මා අප්පාගේ බූදලේ වගේ එලිකරලා. ගෙවල් හදාගෙන, බබ්බු වගේ අහසට බැන බැන ඉන්නවා වහින්නේ නැති එකට. වහින්න ඉතින් අහසට වතුර පොම්ප කරන්න වෙනවා.. අපි මේ කරන වැරදි වලට අපිටම වන්දි ගෙවන්න වෙයි, එක එක විදියට.

පරිසර දින කියලා බොරු උත්සව තියන් ගස් හිටවන්නේ ඕනේ නෑ.. ඒ වගේ ගානට ස්වභාවිකවම වෙයි, හැබැයි ඉස්සරහට ඉපදෙන්න ඉන්න උන්ගේ අම්මලා තාත්තලා කපලා මරන්නේ නැතිව හිටියොත් තමයි..

මේ හිතන්න කාලයයි..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...