මං පොඩි කාලේ ගොඩක් ආසයි ගෙදර අය එක්ක ඇවිදින්න යන්න...
ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ
පොඩි උන් යනවද මලගෙවල් වල,
පොඩි උන් යනවද මගුල්ගෙවල් වල,
පොඩි උන් යනවද පොලේ
කියලා ගේම ඉල්ලපු එක...
සමහරදාට මගේ ඇඬියාව අහන් ඉන්න බැරිම තැන,
යං එහෙනම්, අඳුමක් දාගෙන එන්න කියනවා...
මම සෙට් වෙලා එනකොට කට්ටිය හොර පාරෙන් ගිහින්..
ඒ වෙලාවට දැනෙන දුක කොච්චරක්ද කියන්න බෑ..
පොඩි එකත් එක්ක ආවා නම් කියලා හිතෙන්නේ පස්සේ, ඒත් එතකොට උගේ හිත රිදිලා ඉවරයි,
*ආයෙත් හදන්න බැරි ගානටම
_________________________________
පස්සේ කාලෙදි හෙන වදේ, අරෙහේ යං , මෙහේ යං, නොගිහින් හොඳ නෑ...
ඒ වෙලාවට මං, මට ඉස්සර කියපු දේවල් ඒ විදියටම කියලා මගහරිනවා...
මාත් ඉතින් ලොකු ශීන් එකේ ඉන්නෙපැයි...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...