අද බිත්තිය අම්මට...

අපි කවුරුත් අම්මාගෙන් බිහිවුන දරුවෝ වෙමු. ප්‍රශ්නය තියෙන්නේ ටිකක් උස්මහත් වෙනකොට තමන් ආවේ කොහෙන්ද යනවග පවා සමහරුන්ට අමතකවීමයි.

තමන්ගේ තත්වයට අම්මා ගැලපෙන්නේ නැත. අම්මා තමන් තරම් උගත් නැත. අම්මාගේ දැන් ඇත්තේ වයසක පෙනුමකි. මේ ආදී ප්‍රශ්න ගනනාවක් හේතුකොටගෙන අම්මා තමන්ගේ ජීවිතයෙන් කෙමෙන් ඈත් කරදැමීමට දෙවරක් නොසිතන දරුවෝ එමටය. ඒ සියල්ලටම වඩා තමන්ගේ අම්මා ගැන සිතන දරුවෝද නැතිවා නොවේ.

සියලු දුක් දරගෙන හිනාවෙන අම්මා තරම් කඳුලු සැඟවීමට තරම් තවක් දක්ශ කතක් මා මෙතෙක් දැක නැත්තෙමි.

ඉස්කෝලේ යන කාලේ දනින් වැටී වැඳී මට, බුදුසරණයි කියූ අම්මා. අදටත් එසේමයි.

"හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගෙයි,"

යන කියමන් අප සමාජයට එක්වෙඋනේද අම්මාගේ සෙනෙහස ඒ තරම් බලවත් නිසා විය යුතුය.

අපේ තාත්ත පොඩි සන්දියේ සිටම මට පෙන්නුවේ යක්ස පෙනුමකි, බොහොමයක් අවස්තාවල තාත්තාගෙන් ගුටි නොකා බේටුනේ අම්මා ඉදිරියට පැන බේරාගත් නිසාවෙනි.

තාත්තා තුල සැඟවසිටි අපූරු අහිංසක ආදරබර මනුස්සයාව හඳුනාගැනීමට මට බොහෝ කල් ගතවිය.

දරුවන් වෙනුවෙන් හිනාවෙන දෙමව්පියන්ට වඩා හඬන දෙමව්පියන් මෙලොවතුල වැඩිය. ඒ කඳුලින් ඇනෙන බදාමයෙන් ගොඩ නැගෙන සාර්තක දරු ජීවිත කෝතෙක් නම් ඇත්ද, නමුත් ඒ ගොඩනැගිලිවලට තම දෙමව්පියන් වද්දගන්නේ කීයෙන් කීදෙනෙක්ද.

තම ජීවිත කතාවේ කතෲත්වයට ඉහලින් සලකමු...

_______________________________

ඒත් මේ දෙන්නටම...


 

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...