වඩින තුරු සඳ මගේ අහසට
බලා සිටියෙමි තුලින් අඳුරුපට
ගලා එන මේ සිහිල් පවන් රොද
නිවාලයි මා තනිය හෙමිහිට

නෙතට නැගෙනා කඳුලු එකිනෙක
වියලිලා යයි මටත් නොදැනිම
දුක නොවෙයි ඒ සතුටෙ හිරිකඩ
තෙමන මා සිත මටත් රහසින

මගේ සවනත පිරෙයි නිතරම
සොඳුරු වදනින් මුවින් ගිලිහෙන
මිරිඟුව නොවී නුඹ දිය පහර වී මට
අගෙයි මගෙ දිවි පහස නිවනට

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...