කලාකරුවාණෙනි ඔබට නිවන්සුව.... !!!


ඇල්පිටිය, තණබද්දෙගමදී 1945 අගෝස්තු 7 වෙනිදා එල්ලමුල්ල කපුගේ ගුණදාස උපත ලබනවා. කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය අරඹන ඔහු පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විධ්‍යාලයට ඇතුලත් වෙනවා. මුලින්ම විද්‍යා අංශයෙන් ඉගෙනුම අරඹන ඔහු, පසුව සංගීත අංශය තෝරාගන්නවා ඒ 1963දි. ඉන්දියාවේදි සංගීතය පිලිබඳ වැඩිදුර ඉගෙනගන්නා ඔහු සංගීතය පිළිබඳ උපාධියක් ලබාගන්නවා. පසුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා එක්වෙනවා. ඒ 1969 දි. 1975දී ඔහු වැඩසටහන් නිශ්පාදකවරයෙක් විදියට වැඩ ආරම්භකරනවා. රජරට සේවයේ සංගීත අංශයේ ප්‍රධානියා විදියට 1981දී ඔහු වැඩ භාරගන්නවා.. 1978දී ප්‍රේමා විතානගේ සමගින් ඔහුගේ විවාහ දිවිය ඇරඹෙනවා..

ඔහුගේ පලමු සංගීත නිර්මාණය 1973දි "දෑස නිලුපුල් තෙමා" යනුවෙන් එලිදකිනවා.. බොහොම කෙටි කාලයක් තුල එය ජනප්‍රිය වෙනවා.. ඒ ශ්‍රේණියේ ගායකයෙකු විදියට රේඩියෝ සිලෝන් එකෙන් නම් කිරීමට තරම් ඔහු ඒ වෙද්දි උසස් තැනකට ඇවිත් තිබුනා..

ටෙලිනාට්‍ය සඳහා පසුබිම් සංගීතය සැපයීමේ ඇරඹුමක් විදියට "තුරඟ සන්නිය" ටෙලි නාට්‍යය සඳහා ඔහුගේ දායකත්වය ලබාදෙනවා.. තව ඉතා ප්‍රසිද්දියට පත්වුන වේදිකා නාට්‍යැයක් වන "තාරාවෝ ඉගිලෙති" සඳහාද බසිබිම් සංගීතය සැපයෙන්නේ ඔහු අතින්.. 1980දි ස්ටැන්ලි පෙරේරාගේ "සඳා" චිත්‍රපටයට සංගීතය සැපයීමෙන් ඒ සඳහා ඔහු අඩිතාලම දමනවා.



මාලනී බුලත් සිංහල සමගින් ගායනා කරන ලද "දම් පාටින් ලා සඳ" ගීතය සමගින් ඔහුගේ පලමුවන කැසට් පට ගීතය එලිදකිනවා..

කැසට් පට ගීත නිකුතුව බැලුවොත්,

    1980 - දම්පාටින් ලා සඳ බැස යනවා
    1981 - සීතල සඳ එලියේ
    1983 - උන්මාද සිතුවම්
    1983 - මාවතේ ගීතය
    1990 - කම්පන
    1990 - පිය සටහන්
    1995 - මිරිවැඩි සඟලක්
    1998 - සන්ෆ්ලවර් (1,2,3)
    1999 - ඉරබටු තරුව
    2000 - සඳ රෑ සිහිනේ
    2000 - නෑසෙන ගී රස(1,2)


වේදිකා සඳහා

    තුරඟ සන්නිය
    පරපුටුවො
    නන්දි විසාල
    තාරවෝ ඉගිලෙති
    සිර කඳවුරු
    සත් සහ සත
    සසර සෙවනැල්
    කම්පන


ටෙලි නාට්‍ය සඳහා

    ගිගිරි වලලු
    ආයම්මාවරු
    රන්දෝලි
    දොලොස් පැය
    සිර කඳවුරු
    පාරමීදම්
    සසර සෙවනැලි
    රේල් පීලි සඳ මද්දහන
    සඳ

චිත්‍රපට සඳහා

    සඳ
    රතු මකරා
    මාල ගිරවි
    චුට්ටේ
    පුතුනි මට සමාවන්න
    භව දුක
    භව කර්ම


1990දි "කම්පන" යනුවෙන් ඒක පුද්ගල වේදිකා ප්‍රසංගයක්ද ඔහු විසින් පවත්වනු ලබනවා..




සම්මාන

1996

    ස්වර්ණ සන්ක සම්මානය - හොඳම ගායකයා
    විශ්ව ප්‍රසාදිනී සම්මානය
    සරසවි සම්මානය - හොඳම ගායකයා

1997

    රස සන්ගීත සම්මානය  - ජනප්‍රියතම ගායකයා
    ජනාධිපති සම්මානය  - හොඳම පසුබිම් ගායකයා
    Sඅරසවි සම්මානය  - හොඳම ගායකයා
    ඕසීඅයිසී සම්මානය  - නිර්මාණාත්මක සංගීත අධ්‍යක්ෂනය  - "භව දුක"


1998

    ජනාධිපති සම්මාන - හොඳම ගායකයා

1999

    සරසවි සම්මාන - ප්‍රසාද පූජා සම්මාන

විශාරද ගුණදාස කපුගේ මහතා වර්ෂ 2003 අප්‍රියෙල් 3වන දින ඩුබායි සිට ලංකාවට පැමිණ ගුවන් යානයේ සිට ගුවන්තොටුපල වෙත ගමන් කරන බස් රථයෙන් වැටී හිසට තුවාල සිදුවීම හේතුවෙන් රෝහල් ගත කරනු ලබනවා.. පසුව එම අසහාය ගායකයා, සංගීත නිර්මාණකරු අප අතරින් සදහටම සමුගන්නවා...

මට මතක විදියට ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුනේද උපන් ගමේදිමයි. අප අතරින් වියෝවී අදට වසර දහයක් සපිරෙනවා.

ඔබ ඉගෙනගත් පාසලේම ඉගෙනීම ලැබීමත් මා හට ආඩම්බරයකි..

තවත් දෙයක් සඳහන් කල යුතුයි.. පසු කාලීනව අප පාසලේ ආදි සිසුන්ට උපහාර දැක්වීම වෙනුවෙන් පවත්වන ලද සංගීත ප්‍රසංගයක් වෙනුවෙන් මුදල් අයකරගැනීම හේතුවෙන් පාසල් සිසුන් හා ගුරුමණ්ඩලය අතර ඔබේ නමට කලු ලපයක් ඇති වූ බවත් සඳහන් කරන්නේ කණගාටුවෙනි.. මෙය හුදෙක් හෝදලා මඩෙහි දැමීමක් නොවන වග කර්ණාවෙන් සලකන්න. අනෙක් කලාකරුවන් මෙන් ඔබද පසු කාලීනව රැල්ලට හසුවීම තිශයෝක්තියෙන් වුවද සඳහන් කිරීමට කැමැත්තෙමි..

කලාකරුවාණෙනි ඔබට නිවන්සුව.... !!!

දත්ත උපුටා ගැනීම් :-  http://en.wikipedia.org/wiki/Gunadasa_Kapuge






Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...