සුභ අලුත් අවුරුද්දක් වේවා...

අවුරුදු බෝනස් ඉල්ලලා ඔෆිසියේ හෙන යුද්දේ...
කුසුමගේ දුවගෙ පුක මිරිකලා බිල ගෙවන්න ඉන්නකොට රෙදි කඩේ පෝලිමේ..
බාර් එකේ අරක්කු නිකන් දෙනවා වත්ද මෙදා පොටේ...
එතනත් මහ සෙනග හරි හරියට පෝලිමේ...
වෙනදා නැති තරම් වට්ටම් දෙනවා කඩ කාරයින් මේ සැරේ...
බැංකුවෙනුත් තෑගි දෙනවලු අවුරුදු ගණුදෙනු දවසේ...
කිරි ඉතුරවන්නේ කාල්ටන් නිවසේමද මෙදා සැරේ..
යාපනේ කෑම මේසෙකින් කමු කිරිබත් වෙනසකට වගේ..
අවුරුදු උත්සව ගම පුරාවට හන්දියක් හන්දියක් ගානේ..
සංගීත ප්‍රසන්ගත් තියෙනවලු දවස අවසානේ..
මැසේජස් ඇවිත් එකසිය ගානට ගාල් වෙලා ඉන්බොක්ස් එකේ..
ජනාධිපති එවපු එකකුත් තිබිලා හම්බුනා ඒ ගොඩේ...
ටැග් කරලා තිබුනා පොටෝස් වල එෆ්බී එකේ
කැට පිටියට රොක් වෙනවා කට්ටිය අවුරුදු කටේ...
රුපියල් සීයට පොඩි චෑන්ස් එකක් වත් නැද්ද මහතුන් අයියේ...
පන්ච දාන්නට, චග්ගුඩු පනින්නට එකෙක් වත් ඇයි දැන් එන්නැත්හ්ටේ..
ඔංචිලි බඳින්නට ගස් නගින්නට මට බෑ අක්කේ...
අවුරුද්දට වතාවක් එන නෑදෑයින් පිරිලා ගෙදර සාලේ...
නැති නෑකමුත් අරඹන්නට මේකලු කාලේ...
අපි නම් අවුරුදු කෑවේ ඔහොම නෙමෙයි මගේ පුතේ...
සීයා කියා දෙනවා කොලුවාට අතීත විස්තරේ...
වැඩ අල්ලන්නේ අලුතෙන් කවුරුත් සිංහල අවුරුද්දේ...
පස්සෙන්දා ඉඳන් ගෙවන්නට ඕනේ සුපුරුදු ජීවිතේ..
අවුරුදු නිවඩුවත් ඉවරයි වගේ මගේ අම්මේ..
ගිහින් එන්නම් ලඟ එන වීකෙන්ඩ් එකේ...

ආහ් අමතක උනා...

සුභ අලුත් අවුරුද්දක් වේවා...

Comments

Popular posts from this blog

Father's Day 2021