පැලේ පැදුර හොරු
අරගෙන ගියාදෝ...
බටනලාවේ හඬ
සුළඟට ගියාදෝ...

පණ මෙන් රැක්ක හේන
අලි බිඳ දැමුවාදෝ...
පිං ගත් දෙවියන්ටත්
අප අමතක උනාදෝ...

සත් දොහකි ඇත්තේ
අවුරුදු ලබන්නට...
පොඩී එකීගෙ සිහිනය
අවුරුදු කුමරිය වන්න...

තව කීප දොහයි ඇත්තේ
ගේ උකසට සින්න වන්න..
දෙවියනේ මගේ නැතත්
ඇගේ සිහින නොඹිදින්න...

රට රකිනා මහතුනේ
අපිටත් අවුරුදු එනවා
රජ ගෙයි මෙන්ම පැල්පතෙහිද
කිරි ඉතිරෙනවා..

කුසගින්නේම පොඩි
පැටවුන් නිදියනවා...
හිතේ ගින්දරෙන්
දින සති ගතවෙනවා...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...