බස් එකට ගොඩවෙද්දිම

"මෙන්න ඊලඟට පිලිගන්න....
සුභානි හර්ශනී මුතුකුමාරන..."

බෆල් හයකින් සහ සබ් එකකින් බස් එක දෙවනත් වෙන්න සද්දේ..

ඉස්සරහම එල්ලලා ඉන්නවා සියලු දෙවි දේවතාවරු,
කරන්ට් එක වදිනවට බයේ ගුලිවේලා එල් ඊ ඩී ලයිට් අස්සේ...

දෙපැත්තෙන් තියෙනවා පාට පාට මල් වැල්...

ටිකක් ඉස්සරහට වෙන්න තියෙනවා තඩි ස්ක්‍රීන් එකක්...

ගමනාන්තය තෙක් කන් දෙකට සැප...

"පානදුර කලුතර අලුත්ගම අම්බලන්ගොඩ ගාල්ල මාතර..."

නයිට් රයිඩර් කාර් එකේ මයිකල් අයියා එක්ක යනවා වගේ..

බස් එකෙන් බැහැලා ටික වෙලාවක් යනකන් කන් දෙක රීන් ගානවා... :D

කොහොම උනත් දකුණේ උඹලට අපි ආදරෙයි බන්..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...