ඔ යා | ම ම | අ පි | අ පේ ආ ද ර ය

මගේ හිතත්
දැන් හරියට
උසාවිය,පොලීසිය
වගෙයි...

දවස පටන් ගන්නෙත්,
දවස ඉවර වෙන්නෙත්
ප්‍රශ්න වලින්...

ඒත් මට ඕන
මගේ හිත
පන්සලක් කරන්න...

අපි දෙන්නගෙ
ආදරේ වෙනුවෙන්
හැමදාම
මල් පහන් පූජා වෙන,
සෙත් පිරිත් නිතර ඇහෙන...

ඔයා
ඒ පන්සලේ
එකම දායිකාව,
එකම උපාසිකාව
වෙන්න...

හැමදාම
සිල් සමාදන්
වෙන්න...
භාවනා
කරන්න...

ඉතින්
ඔයා එනවා නේද
පන්සල හදන්න
මුල් ගල තියන්න...

මම
මග බලන් ඉන්නවා
නැකත් සීට්ටුව
හදන්න...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021