රෑ සිහිනෙන් නුඹ එනවද
මගේ සිහිනෙට පාට දෙන්න....
රෑ අහසට නුඹ එනවද
මාත් එක්ක තරු ගනින්න..
හඳ පානේ ඇවිද යමුද
දෙවැට දිගේ දෙමන්සලට...
අපේ කතා අහන් ඉන්න
කවුරුත් නෑ ඒ යාමෙට..

හමා ඇදෙන සුලන් රොදට
දහසක් කන් ඇති උනාට...
අහගෙන ගෙනිහින් කියන්න
කටක් නැත්තේ අපේ හොඳට...
කවි මුමුනන නුඹෙ තොල්පෙති
තවත් වරක් සිපගන්නද...
අද වේවිත හොඳම දවස
නුඹ සිටිනා මගෙ තනියට..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...