අපි කතා නොකරම ඉමු ආයෙත් අපේ ආදරේ ගැන....
තනිකම හොඳයි මට ඇති නුඹේ මතකයම...
මා වෙනුවෙන් නුඹේ නෙතට කඳුලක් ඇති උනොත් හෙම...
සමාවෙයන් මට මමමයි වැරදි සැමටම....

හඬන මගේ හිත හදාගන්නට බැරි උනොත් හෙම..
ලියන්නම් කවි අතට හසුවන හැම කොලේකම...
එපා නුඹ කියවන්නට ඒ කවි කිසිම දින...
හැඬුවොතින් නුඹ දරාගන්නේ කොහොම මම...

ආදරයට ආදරයෙන්ම සිටියෙමි මම..
නැති උනදා තනි වෙලා අපෙ ලෝකයෙම..
කිසිදා මම නුඹේ මතකයට ආවොතින් හෙම...
නැවතත් හැරී බලන්න මම ඉඳිමි එතනම...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...