කාලයකට ඉහතදී රූපවාහිනියේ විකාශය උනා "එකට ගැටුම" කියලා ටෙලි නාට්‍යක්,
ඕක පටන් ගනිද්දී තේමා ගීතයත් එක්ක ගිය වීඩියෝ දර්ශනයට පෙන්නුවේ, බ්ලේඩ් තල, උල් පිහි, දැලි පිහි වගේ ඇනකොටාගන්න පාවිච්චිවෙන ආයුද වගයක්..

ඒකාලේ විකාශය වුන නාට්‍ය අතරින් ගොඩක් සාර්තක හා අපේ ජීවිතය හා බැඳුන නාට්‍යක් විදියට, එදාට වඩා අද මට ඒක දැනෙනවා, මොකද ඒ දවස්වල මම ඉස්කෝලේ යනගමන්, නමුත් දැන් කාර්යාල තුල සිද්ද වෙන දේවල් අත්විඳින නිසා.

ඒ දේවල් ගොඩක් ප්‍රායෝගික විදියට දැනෙනවා..

එකිනෙකා පරයා ඉහලට එන්න, දීමනා සහ තවත් වාසි වෙනුවෙන් දාන සෙල්ලම් ටික දැක්කාම ඇතිවෙන්නේ කලකිරීමක්..
ඔය අතරින් කේලම් කීම, පන්දම් ඇල්ලීම, ලොක්කන් සමග නින්දට යාම වගේ දේවල් ඉහලින්ම සිද්ද වෙනවා..

අලුතෙන් තැනකට යද්දී අපි යන්නේ සෑහෙන බලාපොරොත්තු ඇතිව, කලින් ඉඳපු තැනට වඩා ගොඩක් හොඳ තැනක් වෙයි කියලා හිතාගෙන, ඒත් ගිහින් ටික දවසක් වැඩ කරගෙන යනකොට තමයි තේරෙන්නේ කොතනත් එකයි කියලා..

අපි දුවන්නන් වාලේ දුවන හරක්ට එහා...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...