දරාගන්නට
බැරිතරම් වූ සෙනෙහස
විඳගනිපු අතීතෙකුත්
මට තිබුනා..

මතක් වෙන හැම
වාරයක් ගානෙම
සතුටු කඳුලක්
නෙතින් වැටුනා...

මතකයට නුඹ
ආව ගියමුත්
ආගන්තුකවූ ගතියක්
හිතට දැනුනා...

අනංතය ලඟ
මා දමා නුඹ
වෙනකෙකුත් සමගින්
ඈතකට ඇදුනා..

ලියා තැබු කවි
නුඹත් ඉඳහිට
කියවා බැලූ බව
දැනගන්න තිබුනා...

Comments

Popular posts from this blog

Father's Day 2021