ගියා නම් මමත්
තාත්තාගේ අඩි පාරේ...
මහ මග මැරිලා වැටිලා
මෙලහකට...

කොයින්ද ඒ තරම්
හයිහත්තියක්..

දරාගන්න,
ඒ තරම් සැඩ සුලන්...

හැබැයි

තෝරගත්තා මම
වෙනම පාරක්
ගොඩයන්න පුලුවන් කියලා හිතන්
ලේසියෙන්

හිතන තරම් ලේසි නෑ,

ඒකත් හිතපු තරම්
සුන්දර ගමනක් නෙමෙයි...

ඒත් හිතක් නෑ අත්හරින්නට

මට සුභ ගමන්..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...