Posts

Showing posts from July, 2013
බෙහෙත් ඕනේ අසනීප වෙලාවට... ආදරෙත් බෙහෙතක් තමයි, සමහර ලෙඩ වලට....

ස ඳ ව ති ය | ඔ බ යි

හරි ඉතින් මම මග තොටෙදී හඳ ගැනම හිත හිතම උන්නා.. හිතට එන කවි එකින් එක මම හදෙහි පිටුවක ලිය ලියා උන්නා.. මගේ සඳවත නුඹ බවට මම සිත් කොනේ හන්ගාන උන්නා.. තරු ඇවිත් කී බස් අසා අසා නුඹ වලාකුලු අතර හැන්ගීම උන්නා..

ආදරේ මිස වෙන දෙයක් නෑ

එකම එක වතාවක්  මේ අහිංසක ඇස් දිහා  හොරෙන් හෝ ඔබ බැලුවොතින්... ආදරේ මිස  වෙන දෙයක් නෑ  සිතෙයි සත්තයි නුඹ හට ඉතින්.... නුඹේ ගැන මම  සිතන්නේ කෙලෙස  වැරදිලා හෝ නුඹ සිතූවොතින්... දැනෙයි නුඹ හට මම ඇස් පියන් ගසනා වාරයන් ගනන් කර බැලුවොතින්

බැඳලා අවුරුදු හතරකට පස්සේ මේච්චර ආදරයක්...

Image
බැඳලා අවුරුදු හතරකට පසේ මෙච්චර ආදරයක්....  ඔයා එහෙම එක පාරටම අහද්දී මගේ මතකය අවුරුදු හතරකට නෙමෙයි, පහ හයක් ඈතට දුවලා ගියා.. අපි හම්බුන හැටි, කතා කරපු හැටි, ආදරේ කරපු හැටි, ඔයා නැති එක මොහොතක් මම අමාරුවෙන් කාගෙන ඉඳපු හැටි.. ඇත්ත, වෙනදා වගේ  දැනෙන්න ආදරේ කරන්න මට බැරි උනා.. "අද මොකද මෙච්චර පරක්කු, ඔෆිස් එකේ කෙල්ලෝ එක්ක කියව කියව හිටියද, ඇයි මම ගත්තු වෙලාවේ අන්සර් නොකලේ, කෙල්ලෙක් වත් ලඟ හිටියද..." මම දන්නව ඔයා මේ දේවල් මගෙන් අහන්නෙ මං ගැන ඇතිවුන සැකයක්ම නිසා නොවන වග. "මම කිව්වේ උයන්න මොනවා හරි ගේන්න කියලනේ, ඇයි මේ කඩෙන් කෑමත් උස්සන් ආවේ, බලන්න වෙලාව කීයද කියලා, කීයට උයලද දැන් කන්නේ.." "මම කාලා ආවේ, ඔයා කන්න.." "මම මෙහේ බඩගින්නේ ඔයා එනකන් බලන් හිටියා, ගේන මොනවා හරි උයන්න.... මෙයා හොඳට කාලා ඇවිත්.." ඇත්තටම මම එදා හිටියේ ලොකු බඩගින්නකින්.. ඔෆිස් එකේ වැඩ එක්ක එන්න පරක්කු උනා.. මම හොඳටම දන්නවා ඔයා මං එනකන් බඩගින්නේ බලන් ඉන්න ඉව්ත්තිය. උයන්න ගියොත් තවත් රෑවෙන හින්ද්දයි කෑම අරන් ආවේ. ඒත් ඔයා ඉඳපු කේන්තියත් එක්ක මට ඒක කියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ

සල්ලි Vs ලියුම්

අපේ අතට එන  සල්ලිත්  අනුන්ගේ නමට එන  ලියුම් වගේ....  ගත්තා...  Address එක බැලුවා...  දුන්නා....

හමුවේවිද ආයෙත් ඔබ

Image
අදත් මම එනකොට පන්සල පාරෙ දුර තියාම එයා ඉන්නවා පෙනුනා බස් හෝල්ට් එකේ... ඒ වෙලාවට සමනල්ලු ඉන්නවා මල් ගස්වල පාර දෙපැත්තේ... උන්ගේ පොටෝ ගන්න එකත් මගේ පුරුද්දක් වෙලා තිබුනේ... පොටෝ ගන්නවද, එයාව බලන්න යනවද... මම පලවෙනි ඔප්ශන් එක තෝරගත්තා, දැන්ම බස් එකක් එන එකක් නෑ කියලා හිතාගෙන... පොටෝ එකක් අරගෙන බස් හෝල්ට් එක දිහා බලද්දිම නවත්තලා තිබ්බ බස් එකක් ඇද්දා... හුටා.. එයත් පේන්න නෑ.. බස් එකේ ගියා වත්ද.. හිත හදාගෙන බස් හෝල්ට් එකට එද්දිම මෙන්න එයා ඉන්නෝ.. හම්බුන දෙවනි දවස නිසා අදත් හිනාවක් දෙකක් විතරක් දාලා ශේප් උනා... හෙටත් ඒ වෙලාවටම එයා එයි නේහ්...?