Posts

Showing posts from August, 2013
අහන් ඉන්න.. අහගෙන ඉන්න.. එනවද.. ආසයි මට... ඔහේ කියවන්න.. හිත අස්සේ ගුලිවෙච්ච.. යල්පැනගිය හැඟීම් එකින් එක පිලිවෙලට... පැන්නොතින් පෝලිම්.. තෙරපුම වැඩිකමට... සමාවෙයන් මගේ බ්‍රේක් නැති හදවතට..
දෙනවද මට ඔයාගේ පෑන පොඩ්ඩකට... මටත් ආසයි ලියන්න ඔයා වගේ ලස්සනට...
ගස්ලබු කනගමන්.. රට ඇපල් වලට ආදරය කරන අපි... ඇතිදේට වඩා නැතිදේ ගැන සිතන අපි...
නෙතට බර වැඩි කඳුලු බිඳුවක් කොයිවෙලෙත් නෙත තෙමනවා.. සිතට බර වැඩි හැඟුම් පොදි ගෙන නුඹට කවියක් ලියනවා... ලියවෙනා කවි එකක් නෑරම නුඹත් ඇවිදින් බලනවා... මට හොරෙන් නුඹ ආව ගිය වග සුපුරුදු නුඹේ සුවඳ මට කියනවා...
මට හරිම interesting ඔයාට පට්ට boring මගේ කතාව

කියනවාද මටත් හිත හදාගන්න හැටි

Image
  මට වගෙම ඔයාටත් දුක දැනෙනවා ඇති ඒත් නොදැනුන ගානට ඉන්නවා ඇති මගේ අතෙත් නොකියූ වැරදි තව ඇති කියනවාද මටත් හිත හදාගන්න හැටි සංසාරේ කල පව් තව බොහොම ඇති එකින් එක මේ පලදෙනවා වෙන්න ඇති එක්වීමට තරම් පිනක් මට නැතිව ඇති කියනවාද මටත් හිත හදාගන්න හැටි අහිංසක ඇස් තවත් නුඹ සොයනු ඇති නේනා බව දැන දැනත් තවත් මග බලනු ඇති දැනුනොත් අඩුවක් කෙදින හෝ මම නැති ආපසු හැරී බලුවොතින් එතන මම ඇති මතකයි තවමත් ආදරේ කියාදුන් හැටි ආදරේ මුලකුරු ගොත ගහ ගහ කිව් හැටි මගේ අතෙත් නොකියූ වැරදි තව ඇති කියනවාද මටත් හිත හදාගන්න හැටි

නුඹට නොකී කවි

ආදරේ ගැන නොකී කවි මම තව හිතේ ඇති හැංගිලා... ආවොතින් නුඹ තව වතාවක් කියමි එකිනෙක ගලපලා....