බින්දු

සින්දු කඩේ අයියාට
පෙම්බැන්ද බින්දු
අද උදේ පැනලා ගිහින්
බන්දූ එක්ක..

ලිඳ ලඟ
උදේ පාන්දරම
යනවා හොට් නිව්ස් එක..

නිව්ස් අහන්න
කට්ටිය සෙට් වෙන්නේ
රෑ අටට..

අටට ටී වී එක ලඟ
ඉඳගත්තාම
නැගිටින්නේ රෑ දහයට..

ඔරලෝසුව
ටිං ටොන් ගානවා
පැයෙන් පැයට...

උඩ ගිහින් රෑට
ඇහරෙනවා
ඒකේ සද්දෙට..

සද්දේ දාගෙනම හිටපු
සුනිල් අයියා
ගිහින් ඇතුලට..

බිස්නස් කරනවලු
මිනිහා දැන් එහෙත්
හරි හරියට..

හරියට ඉඳහන් කියලා
අම්මා කොච්චර කිව්වත්
ඕකට..

කිව්ව දේ ඇහුවා නම්
අද ඉන්නවා ගමේ
යසට..

යසෝ නැන්දත් දැන්
අසනීප වෙනවා
නිතරම..

බෙහත් ගන්න යන්නේ
අන්ඩුවේ ඉස්පිරිතාලෙට..

එකෙත් ඉන්න වෙනවා
පෝලිමේ
පැය දෙක තුන..

වෙලාව ගත වෙනවා
මහ මගටම..

මහ පාරෙත්
වලවල් දැන්
හරියට..

තාර දාලා දෙන්නම් කිව්වා
ඡන්දේ දවස්වල..

සින්දු කඩේ ලඟ තමයි
එදා තිබ්බේ මීටිම...

ඔය ජර මර අස්සේ තමයි
වෙන්න ඇත්තේ
මේ ඔක්කොම..

අයියෝ මගේ ලොකු අක්කා බින්දූ...
කිය කියා අන්ඩනවා පොඩි නංගී චන්දූ..
දැන් ඉතින් අඬලා වැඩක් නෑ චන්දූ..
හෙට අනිද්දට එයි දරුවෙක් එක්කම බින්දූ..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...