පහේ කල්ලියේ මිශන්

ඒ දවස් වල ඉස්කෝලේ ඇරුනේ හවස දෙකට, උදේට කිරි කොකා වගේ ඉස්කෝලේ යන අපි ගෙදර එන්නේ මඩ කොකා වගේ..
මට මතක විදියට අපි එතකොට නමය වසරේ.. ඉස්කෝලේ ඉඳන් බස් එක නවත්තන හන්දියට කිලෝමීටරයක් විතර පයින් එන්න ඕනේ..
අපිට ඔය ගමන එන්න අඩුමගානේ පැය භාගයක් වත් යනවා.. වටේ ඉන්න කෙල්ලන්නට විහිලු කර කර තමයි එන්නේ..
ඔහොම ඇවිත් 2:45 විතර වෙද්දි එනවා අපේ බස් එක, සීසන් එකෙන් තමයි අපි ගියේ.. ඔහොම ගිහින් 3:15 වෙද්දි ගෙදරට යනවා, ගිහින් මූණ සෝදගෙන තේ බීලා බත් කාලා 3:30 වෙද්දි බඩියලාගේ ගෙදරට සෙට් වෙනවා..

එහේ තිබ්බ ලොකු මිදුලක් අඩුම ගානේ අක්කර කාලක් වත් ඇති, ඕක තමයි ඉතින් අපේ ක්‍රීඩාන්ගනේ.. පොල් ගස්, අඹ ගස් එහෙම තිබ්බා..

එදා මම යද්දි ටිකක් පරක්කු වෙලා වගේ, ඒත් එකෙක් වත් පේන්න හිටියේ නෑ.. කොච්චර ලස්සනට පාර තිබ්බත් පුරුද්දට වගේ කැලේ පාරෙන් තමයි යන්නේ..
ඒක තමය් ඉතින් ශූර්ට්ම කට් එක..

ඔහොම ගිහින් බඩියලගේ ගෙවල් පත්තට සෙට් වෙද්දිම, අප්පටසිරි පෙනේ පුප්ප ගත්තු නයෙක් එක පාරටම මගේ කකුල් දෙක ලඟට වැටුනා.. පුලුවන් තරම් හයියෙන් දුවන්න හැදුවත් කකුල් දෙක වැඩ කලේ නෑ.. මීටර් එක නවතින්න ඔන්න මෙන්න තියෙද්දි, සීබා පන්නා කැලේ අස්සේ ඉඳලා ලොකු හිනාවකුත් දාගෙන..

උන්ගේ ගෙදර හිටිය බල්ල ඇරෙන්න අනිත් ඔක්කොමලා මතක් කරලා බැන්නා මම...

බැලින්නම් ඌ රබර් නයෙක්, ඒත් බැලූ බැල්මට ඌ නයාම තමයි, මම කොයි එකටත් කියලා ඌව අතට ගන්න කලින් කෝට්ටකින් පොඩි තල්ලුවක් දාලා බැලුවා.. කොහොම උනත් අපේ යක්කුන්ව මට සතපහකට විශ්වාස නෑ.. මොකද උනුත් මගේ ජාතියෙමනේ..

නයා අතට ගත්තු ගමන් මට ආවා පට්ටම අයිඩියා එකක්..
ඒයි බොබා ගමුද පොඩි ආතල් එකක් කිව්වේ පාර පැත්ත බලන ගමන්.. එහෙම කියද්දිම ඌට සීන් එක මීටර් උනා..

පාර වැටිලා තිබ්බේ බඩියලාගේ තාපෙට එහා පැත්තෙ පහලට වෙන්න, කිසිම ගේමක් නැතිව තාප්පෙට මුවා වෙලා ඕන දෙයක් කරන්න පුලුවන් කාටවත් නොපෙනෙන්න.

මැක්කා පාරට පැනලා බලපිය කවුරුවත් පේන්න ඉන්නවාද කියලා..

නෑ නෑ ඉක්මනට වර..

අපි ගිහින් රබර් නයාව පාර මැද්දෙන් තියලා බලන් හිටියා මොකද වෙන්නේ කියලා..

ඔහොම ඉද්දි ආවා මෝටර් බයික් කාරයෙක්.. ඌ නවත්තලා බලලා කින්ඩියට වගේ හිනාවක් දාලා ගියා..

බඩ කපාගෙන මැරෙන්න හිතුනා.. නොදකින් තෝව නයාම කාපිය කියලා, තව ටිකක් බලන් හිටියා..

බඩියලාගෙ අම්මට වැඩේ මීටර්ද මන්දා, උන්දැත් ජනේලෙන් ඔලුව පොඩ්ඩක් දාලා නෝන්ඩි හිනාවක් දාලා ගියා..

ඔහොම ඉන්නකොට බස් එකක් එන සද්දේ ඇහුනා.. අපි තාප්පෙ අස්සේ හැන්ගිලා සීන් එක බලන් හිටියා..

කෙලගෙන ආපු බස් එක, එක පාරටම බ්‍රේක් කරලා පාර පිරෙන්න ලොකු වන්ගුවක් දාලා නයාව පහු කරන් ගිහින්, ටිකක් එහාට වෙන්න නැවැත්තුවා...

අප්පටසිරි කෑමක් සෙට් වෙයි වගේ දුවපිය බොබා කියාගෙන ඔලුව හැරුන අතේ දිව්වා..

පොඩ්ඩක් එහා තිබ්බ පොල් ගහකට මුවා වෙලා බලන් හිටියා මොකද වෙන්නේ කියලා...

බස් එකෙන් බැහැපු උන් දෙන්නෙක් එනවා තඩි පොලු දෙකකුත් අරන්,
උන් දෙන්නා නයාව මරන්න වගෙයි ලෑස්තිය..
හෙමිහිට උන් දෙන්නා නයාට කිට්ටු කරද්දිම බඩියලාගේ අම්මා ගේමට එන්ටර් උනා..
උන්දෑ තාප්පෙ උඩට දුවලා ගිහින් පාර දිහා බැලුවා..

ආහ් මේ අපේ ගෙදර හිටිය රබර් නයානේ..

එහෙම කියද්දි සිංහයෝ වාගේ ගේමට බැහැපු උන් දෙන්නා බලු උනා..

මේ අපේ පොඩි උන්ගේ වැඩක්, මූ රබර් එකෙක් බය වෙන්න දෙයක් නෑ..
අරුන් දෙන්නා අපේ ජාතිය අමතමින් බස් එක පැත්තට ගියා..

ඔහොම සීන් එක ශේප් වෙද්දි අපි එක එකා ශේප් එකේ හැන්ගුන තැන් වලින් එලියට ආවා..

කාලා වරෙන්කෝ අන්න බඩියලාගෙ අක්කත් එනවා බස් එකෙන් බැහැලා මූණ පු* කරගෙන..

කෝ මුන් ටික..

බලන්න අම්මේ වස ලැජ්ජව..
බස් එකේ කොන්දා මට බහින්න දුන්නේ නෑ පාරේ මැද්දෙ නයෙක් ඉන්නවා කියලා.. මමත් හොඳටම බය උනා..

කෝ මේ කොල්ලෝ ටික..

අන්න බඩී උඹට අක්ක කතා කරනවා කියාගෙන, අපි එහෙන්ම කන්ද පැත්තට ඇදුනා හොර කුරුම්බයක් බොන්න...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...