මගේ සඳ නුඹ
ලඟින් ඉඳගෙන
ජීවිතේ පෙන්වපු හැටී..


තාම මතකයි
හෝඩියේ මම
ෆේල් වෙවි තව උන් හැටි...


මගේ අහසට
හදිසියේ නුඹ
එදා තනියම ආ හැටි...


මතක් කර කර
නුඹේ ගැන මම
නුඹට කවි ලියවෙන හැටි...


ලියන කවි මම
එකක් නෑරම
හදේ කොතනක හෝ ඇති...


සසරෙ මගතොට
හමුවෙලා නුඹ
පුරුද්දට යලි ආ හැටි...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...