සාර්තක මිනිහා පස්සේ හිටියේ මම කියාගෙන ගෑණු පෝලිමේ ආවට, අමාරුවෙ වැටුන එකා පිටිපස්සේ උගේ හෙවනැල්ලවත් නෑ මචං..
Posts
Showing posts from 2016
1st anniversary...
- Get link
- X
- Other Apps
තැලී පොඩිවී රිදුන හද වෙත එබී බැලුවේ නුඹයි සඳවත ජීවිතේ නොපෙනෙනා ඉම වෙත යාමටයි නුඹ ගත්තේ මගේ අත සිනහවට වැඩියෙන් කඳුලු ඇත ජීවිතේ අප ආ ගමන් මග යාමටද තව බොහෝ දුර ඇත රැගෙන යමි නුඹ අනන්තය වෙත මසිත ලැතැවුල් නිවන ඔසුවකි නුඹ අඳුරු මාවතෙ පහන් සිල නුඹ දිවි ගමනේ පවසට සිහිල් පැන් නුඹ මා වටේ ගැවසෙන සිහිල් සුළඟයි නුඹ මා දකින සිහිනයක් වේ නම් මා විඳින යම් සුවක් වේ නම් මා දිනන යම් දෙයක් වේ නම් ඒ නුඹම බව හඬගා කියමි මං